Victor Rathnayake..Irata sandata tharu walata..(ඉරට සඳට තරු වැලට සොරා..) - Video
PUBLISHED:  Dec 20, 2016
DESCRIPTION:
ඉරට සඳට තරු වැලට සොරා
ඇළට දොළට බිඟු කැළට සොරා
මොහොතක් හිනැහෙමු පැයක් හඬන්නට
රෑ අඳුරේ
හමු වී
තනි වී...//

ළදළු ළපත් සැලුණේ සුසුමින්
අපේ මුවින් නැගෙනා
සයුරු විමන් පිරුණේ කඳුළින්
අපේ නෙතින් ගලනා

ඉරට සඳට තරු වැලට සොරා
ඇළට දොළට බිඟු කැළට සොරා
මොහොතක් හිනැහෙමු පැයක් හඬන්නට
රෑ අඳුරේ
හමු වී
තනි වී

නෙතින් නෙතක උතුරා ගැලුවේ
අපේ නැවුම් සිහිනේ
යොවුන් ලොවම සිරවී බැඳුණේ
අපේ සිතුම් රැහැනේ

ඉරට සඳට තරු වැලට සොරා
ඇළට දොළට බිඟු කැළට සොරා
මොහොතක් හිනැහෙමු පැයක් හඬන්නට
රෑ අඳුරේ
හමු වී
තනි වී

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
follow us on Twitter      Contact      Privacy Policy      Terms of Service
Copyright © BANDMINE // All Right Reserved
Return to top