Indrani Perera & Vernon Perera - සමුගෙන යන්නෙමි මම ඔබ තනි කර... - Video
PUBLISHED:  May 09, 2013
DESCRIPTION:
සමුගෙන යන්නෙමි
මම ඔබ තනිකොට
අපේ මතු දියුණ සොයා
හිතකින් නොව මා
නැව් නැග යන්නේ
සිත ඔබේ තුරුලේ තියා

ගතින් මෙතැන මම
හිතින් ඔබගේ ලඟ
කිසිදින වෙනස් නොවේ
ජීවිතයට නැත
ඔබෙ සෙනෙහස වැනි
මිණි කිරුළක් මෙලොවේ

සුදු මුදු රැල්ලේ
මීදුම් තුරුල්ලේ
නැව ඇදිලා යනවා
මද පවනැල්ලේ
සිත කැළඹිල්ලේ
ඔබ ගැන සිහිවෙනවා

ප්‍රිය සුහදාණෙනි
මා සිරවූයේ
දුක්බර බිම් ගෙයකයි
ඔබ රුව නෙපෙනී
කටහඬ නොඇසී
ගත සිත අවිවේකයි

වෙරළක දිළිසෙන
විදුලිය රේඛා
අතරින් එබෙනු දැනේ
අඳුර කපාගෙන
පහන් ටැඹක් ලෙස
ඔබ මට දුරට පෙනේ

මටම ලැබෙන තෙක්
සක්වල පාලන
දෙවියන් රැක දේවා
සසර සරන තුරු
ඔබ මට නොනිමෙන
රන් පහනක් වේවා


ගායනය - වර්නන් පෙරේරා, ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - කරුණාරත්න අබේසේකර

https://www.facebook.com/groups/geemansala/

https://www.facebook.com/pages/Geemansala/272585816234828
follow us on Twitter      Contact      Privacy Policy      Terms of Service
Copyright © BANDMINE // All Right Reserved
Return to top